ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් ණය ගෙවා ගත නොහැකි තත්ත්වයක – IMF


ණය සහන ලබාදීමට විධිමත් ක්‍රියාවලියක් අවශ්‍ය - ලංකාව ගැන IMF අධ්‍යක්ෂිකා
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය තිරසර නොවන බවත් එම රටවල්වලට ණය බර දරා ගත නොහැකි තත්ත්වයක් මතුවෙමින් තිබෙන බවත් නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය ප්‍රකාශ කළාය.
දිළිඳු රටවල් වලින් සියයට 60ක් ණය ගෙවා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බැවින් ආර්ථික ක්‍රියාදාමය පිළිබඳව සාමාන්‍ය ආකාරයට සිතිය නොහැකි බව එම සමුළුවේදී ජොර්ජීවා මහත්මිය පැවසුවාය. කොවිඩ් වසංගතයෙන් පීඩිත වූ මිනිසුන්ට උද්ධමනයද පහර දෙන බව ජොර්ජීවා මහත්මිය ප්‍රකාශ කළාය. මෙම ගැටලුවට මුහුණදීම සඳහා බලවත් බැංකු පද්ධතියක සහ ස්ථාවර ආර්ථිකයක අවශ්‍යතාව ඇය පෙන්වා දුන්නාය.