විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනය කිරීමට අයදුම්පත් ප්‍රසිද්ධියට

විදේශ ශ්‍රමිකයන් ආනයනය කළ විදුලි වාහන නිදහස් කිරීම ආරම්භ කරයි

විදේශ ශ්‍රමිකයන් ආනයනය කළ විදුලි වාහන නිදහස් කිරීම ආරම්භ කරයි

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනය කිරීමට ආනයනය බලපත්‍රය ලබාගැනීම සදහා වන අයදුම්පත්‍රය ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ https://si.labourmin.gov.lk/wp-content/uploads/2022/08/02.2022-Application-Sinhala.pdf යන වෙබ් ලිපියන ඔස්සේ අදාල අයදුම්පත්‍රය භාගත කිරීමට හැකියි.

නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශගත ශ්‍රමිකයින් සදහා සහන රැසක් ලබාදීමට කටයුතු කර ඇති අතර, විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණා. ඒ අනුව ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සදහා අවසර ලබාදෙන ගැසට් නිවේදනය සහ අයදුම්පත්‍රය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ වසරේ මැයි පළමුවැනිදා සිට ලබන වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුලදී ඇමරිකානු ඩොලර් තුන්දහකට වඩා වැඩි මුදලක් බැංකු ක්‍රමය හරහා මෙරටට එවා ඇති ශ්‍රමිකයින් සදහා තමන් එවා ඇති මුදල් ප්‍රමාණයෙන් සියයට පනහක වටිනාකමකින් යුත් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ආනයනය කිරීම සදහා අවසර හිමි වනවා.

මේ වසරේ මැයි පළමුවැනිදා සිට දෙසැම්බර් 31වැනිදා දක්වා වන කාලයක තුළදී ඇමරිකානු ඩොලර් විසිදහක මුදලක් එවා ඇති ශ්‍රමිකයින් සදහා ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනය කිරීම සදහා අවසර ලබාදෙන බව වැඩිදුරටත් සදහන් වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *