චීන පොහොර නැව පිළිබඳ විගණකාධිපතිගෙන් රජයට නිර්දේශ

චීන පොහොර නැව පිළිබඳ විගණකාධිපතිගෙන් රජයට නිර්දේශ

චීන පොහොර නැව පිළිබඳ විගණකාධිපතිගෙන් රජයට නිර්දේශ

චීනයේ කින්ඩා ඕ සීවින් බයෝටෙක්ස් සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛන ගත කරන ලෙස විගණකාධිපතිවරයා රජයට නිර්දේශ කර තිබෙනවා.

ඒ කාබනික පොහොර ගණුදෙනුවට අදාළව රජය ඇති කර ගත් ගිවිසුමට අනුව කටයුතු නොකිරීම හේතුවෙන්. මේ අතර චීන පොහොර තොගයට ගෙවූ මුදල ආපසු ලබා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවැසුවා.

කාබනික පොහොර අඩංගු චීන නෞකාවක් සම්බන්ධයෙන් ආන්දෝලාත්මක තත්ත්වයක් ඇති වුණේ එම පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ජාතික ශාඛ නිරෝධායන සේවය එම පොහොරවල ප්‍රමිතියක් නොතිබූ බවට පළ කළ නිර්දේශ හේතුවෙන්. ඉන් පසුව අදාළ පොහොර නෞකාව මෙරටින් බැහැර කෙරුණු අතර නෞකාවට අදාළ ගෙවීම් කටයුතුද ඒ වන විට සිදු කර තිබුණා.

කෙසේ වෙතත් යළි ප්‍රමිතියකින් යුතුව පොහොර ගෙන එන බවට අදාළ නෞකාව අයත් සමාගම මෙරටට ප්‍රකාශයක් නිකුත් කළද පොහොර හෝ ගෙවීම් කළ ඩොලර් මිලියන 6.9 ක්ද මේ වන තෙක් මෙරටට ලැබී නැහැ. මෙවන් තත්ත්වයක් මත අදාළ සමාගමෙන් මෙරටට නඩු පැවරූ අතර එම නඩුවේදී අනාවරණය වුණේ අදාළ නෞකාවේ ගෙවීන් කටයුතු සිදු කිරීමට හා සමථ මණ්ඩලයක් මඟින් එම කටයුතු අවසන් කිරීමටයි.

ඒ අනුව අදාළ නඩුව ඉල්ලා අස්කර ගැණුනේ සමථ කොන්දේසි අනුව අපේක්‍ෂිත සංයුතියෙන් හා ප්‍රමිතියෙන් යුතු පොහොර නැවත සැපයිය යුතු බවට කොන්දේසි අනුව අපේක්‍ෂිත සංයුතියෙන් හා ප්‍රමිතියෙන් යුතු පොහොර නැවත සැපයිය යුතු බවට කොන්දේසි ඇතුළත් කරමින්.

එහෙත් මේ දක්වා අපේක්‍ෂිත ප්‍රමිතියෙන් යුත් පොහොර වසරකට ආසන්න කාලයක් ගත වුවද මෙරටට එවා නැහැ.
ඒ අනුව අදාළ සුරක්‍ෂණයන් කල් ඉකුත් වීමට පෙර මුදල්කර ගැනීම හෝ ඒවායේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකිරීම හා අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්‍ෂණයකින් තොරව අරමුදල් නිදහස් නොකිරීම හේතුවෙන් රජයට බරපතල පාඩුවක් සිදුව තිබෙනවා.

ඒ අනුව සිදුවූ පාඩුව පියවා ගැනීමට මෙම ගණුදෙනුව සම්බන්ධ වගකිවයුත්තට එරෙහිව නඩු පවරා අයකර ගැනීමට නිර්දේශ කර ඇති බවයි විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *