පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් යුරෝපා සංගමයට හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි

පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් යුරෝපා සංගමයට හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි
මැයි මස 9 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී පෞද්ගලික බස් රථවලට ගිනි තබා හානි කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයට හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට (24) දිනයේදී පැමිණිලි කළ බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, මේ පිළිබඳ සොයා බලා විමර්ශනයක් සිදු කර සාධාරණයක් ඉටු කරන ලෙසට පැමිණිල්ලක් සිදු කළ බවය.
මෙලෙස පෞද්ගලික බස්රථවලට හානි සිදු කිරීම හේතුවෙන් බස්රථ හිමියන් දැඩි ආර්ථික අපහසුතාවට පත්ව ඇති බවත් එම නිසා ඔවුන්ට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
“අපට මේකට මැදිහත් වෙන්න. බරපතළ අර්බුදයක ඉන්නවා. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. බස් රථ අලුතින් ගන්න විදිහක් නැහැ. ළමයින් පාසල් යවන්න විදිහක් නැහැ. බරපතළ අර්බුදයක ඉන්නේ. අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා අපිට සාධාරණයක් ඉෂ්ඨ කරන්න.”