ජංගම දුරකථන CIDයට භාර දෙන තෙක් සනත්, මිලාන්, ඩෑන් රඳවා ගන්නා ලෙස නියෝග

ජංගම දුරකථන CIDයට භාර දෙන තෙක් සනත්, මිලාන්, ඩෑන් රඳවා ගන්නා ලෙස නියෝග

ජංගම දුරකථන CIDයට භාර දෙන තෙක් සනත්, මිලාන්, ඩෑන් රඳවා ගන්නා ලෙස නියෝග

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඩෑන් ප්‍රියසාද් යන අයගේ ජංගම දුරකතන (24) දිනය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය(24) නියෝග කළා.

පසුගිය මැයි 8වනදා ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. සනත් නිශාන්ත, මිලාන් ජයතිලක, ඩෑන් ප්‍රියසාද් යන අය සිය ජංගම දුරකතන භාරදෙන තෙක් අධිකරණයේ රදවා ගන්නා ලෙසද මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළා.

ඒ ඔවුන් අධිකරණ නියෝගය පරිදි ජංගම දුරකතන භාර දී නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ දැනුම් දීමකට අනුවයි. ජංගම දුරකතන භාර නොදුන්නේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කිරීමේදී ඩෑන් ප්‍රියසාද් නමැති සැකකරු කියා සිටියේ අලුත්වැඩියාවක් සදහා තම දුරකතනය ලබා දී ඇති බවයි. එය හෙට දින ලැබුණු පසු භාරදෙන බවද ඔහු පැවසුවා.

විමර්ශනයට සහාය නොදෙන්නේ නම් ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුවන බවට මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට අවධාරණය කළා. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම කණගාටුවට කරුණක් බවයි. දැනට සිදු කෙරෙන පරීක්ෂණ අවසන් වීමෙන් පසු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබද උපදෙස් ලබාදෙන බවට නීතිපති දැනුම් දී ඇති බවයි විමර්ශන නිලධාරීන් මෙහිදී පැවසුවේ.

සැකකාර සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කළ බවට වන වීඩියෝ පටයක් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ වාදනය කළා. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අඩංගු මුල් වීඩියෝ පටය අදාල මාධ්‍ය ආයතනයෙන් ලබාගෙන මී ළග නඩු දින වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. මෙම නඩුව ඔක්තෝබර් 15වනදා යළි කැදවීමට නියෝග කෙරුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *