මාස තුනෙන් පුනර්ජනනීය විදුලියට ගෙවිය යුතු බිලියන 28 ගෙවිය යුතුයි – උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට
බිඳ වැටුණු විදුලි සැපයුම 85%ක් යථා තත්ත්වයට - ලංකා විදුලි බල මණ්ඩලය
පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම වෙනුවෙන් මාස හයක කාලයක් සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන 28ක මුදල ඉදිරි මාස තුනක කාලය තුළ ගෙවන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට නියම කර ඇත.
පුනර්ජනනීය බලශක්තිය යටතේ සුලං බලාගාර, සුර්ය බලාගාර සහ පෞද්ගලික විදුලි බලාගාරවලින් ලබාගන්නා ලද විදුලිය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය හිඟ තබා තිබූ මුදල් සම්බන්ධයෙන් එම ආයතන මහජන උපයෝගීතා කොමිසමට පැමිණිලි කර තිබුණි.
එම පැමිණිලි සලකා බලා ඇති කොමිසම ඉදිරි මාස තුන ඇතුළත දී එම මුදල් ගෙවන ලෙසට නියම කර ඇත.
මේ වන විට විදුලි බිල සියයට 75 කින් වැඩි කර ඇත.
