දිස්ත්‍රික්ක 8ක සියලුම පුරන් කුඹුරු මහ කන්නයේ වගා කරයි

කුඹුරු ඉඩම් ගොඩකරන්න මින් ඉදිරියට අවසර නැහැ

කුඹුරු ඉඩම් ගොඩකරන්න මින් ඉදිරියට අවසර නැහැ

දිවයිනේ දිස්ත්‍රික්ක 8ක සියලුම පුරන් කුඹුරු මහ කන්නයේ වගා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අනුරාධපුර, පොලොන්නරුව, මොණරාගල, අම්පාර, හම්බන්තොට, මඩකලපුව, කිළිනොච්චි හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සියලුම පුරන් කුඹුරු මෙලෙස වගා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. මෙම දිස්ත්‍රික්ක 08හි අක්කර 21,200ක් පුරන් කුඹුරු පැවැති අතර ඒවා සියල්ලම ලබන මහ කන්නයේ දී වගා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශය කියයි.

අයිතිකරුවන් විසින් කුඹුරු වගා නොකරන්නේ නම් වගා කළ හැකි පුද්ගලයින්ට ඒවා වසර පහක කාලයකට පවරා නැවත වගා කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට පෙර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි.

ඒ අනුව වගා නොකළ කුඹුරු ඉඩම් ගොවිජන සංවර්ධන පනත යටතේ වගා කිරීම සඳහා වසර පහකට පවරා දීමට කටයුතු කර තිබේ.

බස්නාහිර පළාතේ වගා කිරීමට නොහැකි පුරන් කුඹුරු ඉන්දුනිසියානු වගා ක්‍රමයක් වන සෝජාන් වගා ක්‍රමය ඔස්සේ වගා කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දී තිබෙි. සෝජාන් ක්‍රමය යටතේ වගුරු සහිත ඉඩම්වල එළවළු හා පළතුරු වගාව මෙන්ම පාත්ති වටා තිබෙන ගැඹුරු ඇළවල්වල මිරිදිය මත්ස්‍ය වගාව ද සිදු කළ හැකි බව අමාත්‍යවරයා කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *