ගම්මන්පිල ජනාධිපති කොමිසම් දෙකක් ඉල්ලයි; වැරදි තීරණ ගනිමින් කටයුතු කළ අය ගැන කියන්න සුදානම්

ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

මැයි 9 වනදා සිට ජූනි 12 වනදා දක්වා කාලය තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වහාම ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, එම කාලය තුළ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට හේතු සහ ඊට සම්බන්ධ පුද්ගලයින් කවුරුන්ද යන්න සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පිහිටුවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට රට ඇතුළේත් රටේ පිටතත් බලවේග වගේම ආණ්ඩුව ඇතුළේ ඉඳන් රට අස්ථාවර කිරීමේ බලවේග තිබුණ බව ඉතාම පැහැදිලියි. අද මේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා ඇති වුණේ වංචා, දූෂණ, සිතා මතා ගත් වැරදි තීරණ සහ නොසැලකිල්ල නිසා. මා යළිත් අවධාරණය කරනවා සිතා මතා ගත් වැරදි තීරණ නිසා. මේ තත්ත්වය ඇති වුණේ ඇයි? ඒකට වගකිවයුත්තන් කවුද? කියන එක හඳුනා ගත්තේ නැත්නම් අනාගතයේ නැවතත් මේ අභාග්‍ය සම්පන්න කාලය උදා වීමේ අවදානමක් තිබෙනවා.”

තවද ආර්ථික අර්බූදය ඇති වීමට හේතු සහ ඊට වගකිවයුත්තන් කවුරුන්ද යන්න සොයා බලා වාර්තා කිරීමටද තවත් ජනාධිපති කොමිසමක් වහාම පත් කළ යුතු බව උදය ගම්මන්පිල මහතා පැවසීය.

“එවැනි ජනාධිපති කොමිසමක් පත් කළොත් මේ රට මෙතනට ඇද දැමීමට නොසැලකිල්ලෙන් වැරදි තීරණ ගනිමින් කටයුතු කළේ කවුද යන්න සාක්ෂි සහිතව ඒ කොමිසම ඉදිරියේ කරුණු දක්වන්න මා සූදානම්.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *