රන්මාලයක් සහ ජංගම දුරකථනයක් සොරාගත් පොලීසියේ හතරකට වැඩ තහනම්

අයි. එස් ත්‍රස්තයන් විමර්ශනයට විශේෂ කමිටුවක්

අයි. එස් ත්‍රස්තයන් විමර්ශනයට විශේෂ කමිටුවක්

කොට්ටාව විද්‍යාල හන්දිය ප්‍රදේශයේදී ඉකුත් 21දා පුද්ගලයකුගේ රන්මාලයක් සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් වංචනික ලෙස සොරාගත් මාලබේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු ඇතුළු නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කළ බව නුගේගොඩ අංක 2 පොලිස් කොට්ඨාශය පවසයි.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ මාලබේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරියකු බව පොලීසිය කියයි.

මෙම නිලධාරීන් සිව්දෙනා ඉකුත් 21 දා විද්‍යාල හංදිය ප්‍රදේශයේ රාජකාරියක නිරත ව සිටියදී මහමග රැඳී සිටි කතා කිරීමට නොහැකි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් නිලධාරීන් ගමන්කළ ත්‍රිරෝද රථයකින් මද දුරක් රැගෙන ගොස් ඔහු සන්තකයේ තිබූ රන් මාලයක් සහ ජංගම දුරකථනයක් භාරයට ගෙන මහමග දමාගොස් තිබුණි.

පසුව වලස්මුල්ල වීරකැටිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනය සහ රන්මාලය පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් පැහැරගෙන තමා මහමග අතහැර දමා ගිය බවට කොට්ටාව පොලීසියේ පැමිණිල්ලක් කර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *