කිලෝ 93ක කේරළ ගංජා යාපනෙන් නාවික හමුදා අත්අඩංගුවට

0
කිලෝග්‍රෑම් 131ක කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කිලෝග්‍රෑම් 131ක කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 93 ග්‍රෑම් 200ක තොගයක් යාපනය මාදගල්, සවුක්කාඩී වෙරළ ප්‍රදේශයේ (19) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය මාදගල්, සවුක්කාඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, සවුක්කාඩි වෙරළේ ජාකොටුවක් පරීක්ෂා කිරීමේදී පාර්සල් 40ක අසුරා තිබූ බවත් නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගංජා තොගය ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් මෙලෙස ජාකොටුවක් තුළ අත්හැර දමා යන්නට ඇතැයි නාවික හමුදාව කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com