අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් 386 දෙනකු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ඉන් 80ක් දේශපාලඥයන්

ක්ෂේත්‍ර 31ට අයත් තැනැත්තන් වත්කම් බැරකම් ප්‍රකාශ බාරදීම අනිවාර්ය වේ

ක්ෂේත්‍ර 31ට අයත් තැනැත්තන් වත්කම් බැරකම් ප්‍රකාශ බාරදීම අනිවාර්ය වේ

අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම් වල දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මෙයට අමතරව අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු ඇතුළු පුද්ගලයන් හතළිස් දෙදෙනකුට එරෙහිවද විමර්ශන පවත්වන බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ මේ වර්ෂයේ ජනවාරි 1වැනිදා සිට ජුනි මස 30 වෙනිදා දක්වා අතර කාලයේදීය. මේ අතර එම කාලසීමාවේදී අල්ලස් ගැනීම් සම්බන්ධ වැටලීම් 22ක් කර ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.

අල්ලස් දූෂණ සහ අයථා ලෙස වත්කම් වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩු පැවරීම් ගණනාවක් මේ වර්ෂයේදී කර ඇතැයි එම කොමිසමේ නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර ආර්ථික උද්ධමනකාරී වාතාවරණය හේතුවෙන් දිවයින පුරා අල්ලස් ගැනීමේ සිද්ධින්වල යම් වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග වලින් පැවසේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *