QR ක්‍රමවේදයට පිටුපෑ පිරවුම්හල් 12ක ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව නතර කරයි

ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් සෙඩ් 162ක් ඉන්ධන ඇණවුම් කරලා නෑ
QR ක්‍රමවේදයට අවම ලෙස දායකවූ ඉන්ධන පිරවුම්හල් 12 කට ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව නතර කර තිබෙනවා.
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වෙළඳ අංශය සමග ප්‍රගති සමාලෝචන හමුවෙදී QR ක්‍රමවේදය භාවිතා කරමින් ඉන්ධන පිරවුම්හල් කටයුතු කර ඇති ආකාරය නිරීක්ෂණය කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ.
ඒ අනුව එම ක්‍රමයට අවම ලෙස දායක වී ඇති පිරවුම්හල් 12ක පමණ ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත් හිටුවීමට තීරණය කළ බව ඔවුන් නිවේදනය කළා.
එමෙන්ම මහජන පැමිණිලි ලෙස ලැබී ඇති තොරතුරු අදාල පොලිස් ස්ථාන වෙත ලබා දීමටත් අඛණ්ඩව නියාමන කටයුතු සිදු කිරීමටත් දන්වා තිබෙනවා.