බ්‍රිතාන්‍යයෙන් GSP+වෙනුවට (DCTS) යනුවෙන් නව යෝජනා ක්‍රමයක්

බ්‍රිතාන්‍යයෙන් GSP+වෙනුවට (DCTS) යනුවෙන් නව යෝජනා ක්‍රමයක්

බ්‍රිතාන්‍යයෙන් GSP+වෙනුවට (DCTS) යනුවෙන් නව යෝජනා ක්‍රමයක්

ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ඇඳුම් සහ ආහාර වැනි නිෂ්පාදන සිය ගණනක තීරුබදු කප්පාදුව දීර්ඝ කිරීමට බ්‍රිතාන්‍යය නව වෙළෙඳ යෝජනා ක්‍රමයක් දියත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් රාජධානියේ GSP බදු සහන ක්‍රමය වෙනුවට මෙම නව යෝජනා ක්‍රමය 2023 වසරේදී බලාත්මක වනු ඇත බවය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමය (DCTS), ආර්ථිකය නැංවීමෙන් සහ රැකියා සඳහා සහය වීමෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයි මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

නිෂ්පාදනවලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා එක්සත් රාජධානියට තීරුබදු රහිත අපනයනයෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිලාභ ලබනු ඇති බවත් මෙම යෝජනා ක්‍රමය අතිරේක නිෂ්පාදන 150කට අධික සංඛ්‍යාවක තීරුබදු ඉවත් කරනු ඇති බවත් ඇය එමගින් පෙන්වා දී තිබේ.

ඇය වැඩිදුරටත් එහි දක්වා ඇත්තේ, එය ඇතැම් කාලවලදී පනවනු ලබන තීරුබදු සරල කරනු ඇති බවත් එක්සත් රාජධානියට ශ්‍රී ලංකාවේ අපනයන සඳහා අමතර සහ සරල ප්‍රවේශයක් ළඟා කර දෙනු ඇති බවත්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *