දරුවන් අතර ළමා හතිය වැඩිවීමක්; දරුවන්ට හුස්ම ගැනීම අපහසුතාවක් ඇතොත් රෝහල් වෙත ගෙන යන ලෙස ඉල්ලීමක්

දරුවන් අතර ළමා හතිය වැඩිවීමක්; දරුවන්ට හුස්ම ගැනීම අපහසුතාවක් ඇතොත් රෝහල් වෙත ගෙන යන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලීමක්
කොවිඩ්-19 රෝගීන්ගේ වැඩි වීමට අමතරව දරුවන් අතර ළමා හතියද යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ, රෝහල්ගත කළ රෝගී දරුවන් 12 දෙනෙකුගෙන් ළමා හතිය ඇති දරුවන් 6 දෙනෙකු සිටි බවය.
“අපිට දැන හෝ නොදැන වෛරස උණක් හැදිලා තියෙන්න පුළුවන්. මෙම වෛරස උණ කොවිඩ් වෙන්නත් පුළුවන් ඉන්ෆ්ලුවෙන්සා වෙන්නත් පුළුවන්. වෙන යම් ආකාරයක වෛරස උණක් වෙන්නත් පුළුවන්. ඒක හැදෙන එක වළක්වා ගැනීම තමා අපි කළ යුත්තේ හතිය වැඩි වුණොත් හුස්ම ගැනීම අපහසු වෙන්න පුළුවන් දැඩි සත්කාරවලට යන්න වෙන්න පුළුවන්. මැෂින්ස්වලින් හුස්ම දෙන්න වෙනවා. සමහරක් විට මරණ පවා සිද්ධ වෙන්න පුළුවන්.”
එලෙස දරුවන්ට හුස්ම ගැනීම අපහසුතාවක් ඇතොත් දරුවන් රෝහල් වෙත ගෙන යන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරන බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.
ඔහු සඳහන් කළේ, කොවිඩ් වැළඳුනු රෝගීන්ගේ වැඩිවීමත් සමග කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් ඇතුළත් කිරීමේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බවත් අද වන විට ළමා රෝහලේ ඩෙංගු රෝගීන් 15 දෙනෙකු සහ කොවිඩ් වැළඳුනු රෝගීන් 8 දෙනෙකු වාර්තා වන බවත්ය.
කොවිඩ් රෝගීන් 8 දෙනා අතරින් රෝගීන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.