2022 උසස් පෙළ දෙසැම්බර් මාසයේ; 2021 විභාගයේ ප්‍රථිඵල මෙම මාසය අවසන් වීමට පෙර – අධ්‍යාපන ඇමැති

2024 දී පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම

2024 දී පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම

උසස් පෙළ විභාගය දෙසැම්බර් මුල සතියේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී (09) පැවැසීය.

එමෙන්ම 2021 වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල මෙම මාසය අවසන් වීමට පෙර අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම මාසයේ 15 වැනිදා උසස් පෙළ ප්‍රථිඵල නිකුත් කිරීමට අපේක්ෂාවෙන් සිටියද රටේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ නියමිත දිනට පැවැත්වීමට නොහැකි වූ බැවින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ බව අමාත්‍යවරයා පැවසුවේය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා වර්ෂ දෙක ඇතුළත දින 400ක් පාසල් පැවැත්වීමට හැකි වූ බවත් මේ වසරේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සඳහා බස්නාහිර පළාතෙන් පිට දරුවන් සඳහා දින 309ක් සහ බස්නාහිර පළාතේ දරුවන් සඳහා දින 245ක් පාසල් පවත්වා ඇති බවත් ප්‍රේමජයන්ත මහතා කීවේය.

ඒ අනුව ඉදිරි මාස තුනේදී ඉතිරි පාසල් දින ගණන සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී දින 05ම පාසල් පැවැත් වීමට සැළසුම් කර ඇතැයිද මේ වන විට ඉන්ධන සැපයීම විධිමත්වීම සහ විශේෂ පාසල් බස්රථ සේවාවන් ආරම්භ කිරීම හේතුවෙන් පාසල්වලට ගුරු සහ සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්වයට පත්ව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *