සතොස සේවකයින් දේශපාලන කටයුතු යෙදවීම – ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා

සතොස සේවකයින් දේශපාලන කටයුතු යෙදවීම - ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා

සතොස සේවකයින් දේශපාලන කටයුතු යෙදවීම - ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා

සතොස සේවකයින් සිය නිල රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට රුපියල් ලක්ෂ 11කට අධික පාඩු සිදු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අධිචෝදනා භාර දුන්නේය.

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ඇපකරුවන් දෙදෙනකු ගේ ශරීර ඇප මත විත්තිකරුවන් මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වන තෙක් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කළේය.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට දීමටත් සෑම මසකම අවසන් ඉරුදින අල්ලස් කොමිසමේ විමර්ශන ඒකකය වෙත වාර්තා කිරීමටත් විත්තිකරුවන්ට ඇප කොන්දේසි පනවනු ලැබීය.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙලෙස කොන්දේසි සහිතව මත මුදා හරින ලද්දේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන මහත්වරුන්ය.

2013 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට එකොළොස් ලක්ෂ අනූ තුන් දහසකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මීට පෙර වතාවක අධිකරණයෙන් නිකුත් කළ සිතාසියට අනුව විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේ භාරදීමෙන් පසු ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග කළ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 30 වනදා නඩුව කැඳවීමට නියම කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *