ජූලි මස ICC දක්ෂතම ක්‍රීඩකයා ප්‍රභාත් ජයසූරිය

ජූලි මස ICC දක්ෂතම ක්‍රීඩකයා ප්‍රභාත් ජයසූරිය

ජූලි මස ICC දක්ෂතම ක්‍රීඩකයා ප්‍රභාත් ජයසූරිය

ජාත්‍යන්තර පිටියේ දැක්වූ දක්ෂතාවන් වෙනුවෙන් ජූලි මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම ක්‍රීඩකයා සම්මානය, ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමි වී තිබේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයේදීත් සහ පාකිස්තානු පිලට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී කඩුලු 29ක් බිඳ හෙළීමට සමත්වීමත් සමග ජයසූරියට මෙම සම්මානය හිමි විය.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේ ලකුණු 118කට කඩුලු 6ක් දවා ගත් ජයසූරිය, දෙවන ඉනිමේදී ලකුණු 59කට කඩුලු 6ක් දවා ගනිමින් එම තරගයේදී ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 39ක ජයක් ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් කර ගැනීමට අවස්ථාව උදා විය.
එතැනින් නොනැතුණු ජයසූරිය පාකිස්තානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 82කට කඩුලු 5ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 135 කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

මෙම දක්ෂතාවත් සමග පිට පිට ඉනිම 3කදී කඩුලු 5 කට වඩා දවා ගැනීම් 3ක් වාර්තා කර ගැනීමටද ජයසූරිය සමත් විය.

ගාල්ලේදී පැවති දෙවන ටෙස්ට් තරගයේදී බාබර් අසාම් ඇතුළු කණ්ඩායමට පළමු ඉනිමේදී ලකුනු 80කට කඩුලු 3ක් දවා ගන්නා ජයසූරිය දෙවන ඉනිමේදී ලකුණු 117කට කඩුලු 5ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියේය. ලකුණු 246ක ජයග්‍රහණයක් ලෙසින් සනිටුහන් වුණු එම ජයග්‍රහණයත් සමග තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ශ්‍රී ලංකාව සමව අවසන් කර ගත්තේය.

2021 වසරේ ජනවාරි මස සිට මාසයේ ක්‍රීඩකයා තේරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය. ප්‍රභාත්ට මෙම අවස්ථාව හිමිවද්දී එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ සහ ප්‍රංශ ක්‍රීඩක ගුස්තාව් මැකියෝන් එම සම්මානය සඳහා නිර්දේශව සිටි සෙසු ක්‍රීඩකයෝ වූහ.

තවමත් 30 හැවිරිදි වියේ පසුවන ජයසූරිය තමන්ට හිමිවූ සම්මානය පිළිබඳව අදහස් දක්වමින් සදහන් කර සිටියේ,

“ජූලි මාසයේ ක්‍රීඩකයා සම්මානය මට හිමිකර දීම සදහා මට මනාපය ලබා දුන් රසික රසිකාවියන්ට මම ස්තූති කරන අතරම මෙම නිවේදනය සම්බන්ධව මම ගොඩක් සතුටට පත් වෙනවා,” යනුවෙනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *