Type to search

ව්‍යවස්ථාවට අනුව අරගල කරන්න බැ; තක්කඩි එලවීම භාවනා කර පන්සිල් අරගෙන කරන්න බැ – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ලෝකයේ අරගල සාමකාමී නැති බවත් රටක හොර තක්කඩි එලවීම භාවනා කර පන්සිල් අරගෙන කළ නොහැකි බවත් සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ව්‍යවස්ථාවට අනුව අරගල කළ නොහැකි බව පැවසූ ෆොන්සේකා මහතා ඉන් පිට ගිහින් අරගල කර අරමුණු ජය ගත යුතු බවද සඳහන් කළේය.

අරගලයකදී ජිවිත පුජා කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහාද සූදානම් විය යුතු බවත් එවිට එම ජිවිත පුජා කළ අය ජනතාව වීරයන් සේ සමරනු ඇති බවත්
අරගලරුවන්ට වෙඩි තැබීමක් සිදු කළහොත් 20ක් 25ක් මිය යා හැකි බව සඳහන් කළ ෆොන්සේකා මහතා එවැනි ප්‍රහාර වලින් අරගලය නොනවතින බවද ප්‍රකාශ කළේය.

එවැනි අවස්ථාවලදී ජාත්‍යන්තරය මැදිහත්වී ගුවනින් ඇවිත් හමුදාවට පහරදී මුලස්ථාන පවා සුනු විසුනු කළ හැකි බවත් මැද පරදිග රටවල ඒ සඳහා උදාහරණ ඇති බවත් ජනතාවට පහර දුන්නොත් එවැනි දේවල් සිදුවන්නැයි තමා ප්‍රාර්ථනා කරන බවද ඔහු සඳහන් කළේය.

අද රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බවත් සමහර දරුවන් හිරේ සිටින ආකාරය තවත් දරුවන් හැංගි සිටින බවත් ජනතාවට පහර දීම සම්බන්ධයෙන්වන අණ පිළිනොපදින්නැයි හමුදාවට නැවත වතාවක් අවධාරණය කර සිටින බව පැවසූ හෙතෙම හමුදාව ව්‍යවස්ථාව ආරක්ෂා කළ යුතු බවද කියා සිටියේය.

අරගලය ඇතුළත විවිධ කණ්ඩායම් සිටින බවත් මුදල් ලැබෙන කණ්ඩායම්ද සිටින බවත් රාත්‍රියේ දේශපාලකයන් සමග කා බි උදේ අරගල භුමියේ සිටින කණ්ඩායම්ද සිටින බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය. අරගලය සන්නද්ධ අරගලයක් නොවුණහොත් හොඳ යැයිද හෙතෙම පැවසීය.

පාලකයන් දූෂිත නම් ඔවුන් එළවා දැමිය යුතු බවත් අරගලය වෙනුවෙන් ඕනෑම අයකු සමඟ කතා කිරීමට තමා සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.

අරගලය නිර පාක්ෂික එකක් බව පැවසූ ෆොන්සේකා මහතා දේශපාලන න්‍යාය පත්‍රයක් නොමැතිව ආරම්භවූ අරගලය හරහා නායකයන් ඉදිරියේදී බිහි වනු ඇති බවද ප්‍රකාශ කළේය.

අරගලය වෙනුවෙන් තමා නීතිඥවරුන් එක්දහස් පන්සියයක් එකතු කරගෙන යන බවත් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම්ද සම්බන්ධ කර කරගැනීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසූවේය. සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ අන්තර්ජාල වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *