දළදා පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන

ඇසළ පෙරහැරේ ආසන වැඩි මිලට විකුණන ජාවාරමක්
මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය රැසක් මේ මස 7 වැනිදා සිට 11 වැනිදා දක්වා ධාවනය කරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය.
සාමාන්‍ය දුම්රියන්ට අමතරව මෙම දුම්රියන් ධාවනය කරන බවත් කොළඹ කොටුවේ සිට මහනුවර සහ මහනුවර සිට කොළඹ කොටුවට එම දින පහේදී පෙරවරුවේ සහ පස්වරුවේ විශේෂ දුම්රිය දෙක බැගින් ධාවනය වීමට නියමිතය.
එම දුම්රියවලට අමතරව තව විශේෂ දුම්රිය රැසක් ධාවනය වීමට නියමිතය.