රනිල් මෙහෙයවන රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීම සඳහා පුළුල් බලවේගයක් ගොඩනගනවා – පාඨලී චම්පික රණවක

විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට යොදාගෙන ඇති තොරතුරු වැරදීයි

විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට යොදාගෙන ඇති තොරතුරු වැරදීයි

රනිල් වික්‍රමසිංහ මහතාව මෙහෙයවන රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීම සඳහා පුළුල් බලවේගයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එහි පළමු පියවර ලෙස පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කරගැනීමට යන අවස්ථාවේදී එයට විරුද්ධව කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

වත්මන ජනාධිපතිවරයා පත්වී දවසක් යාමටත් පෙර ක්‍රියා කළ ආකාරය අනුමත කළ නොහැකි බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි පිරිස් සාකච්ඡාවෙන්, සම්මුතියෙන් ඉවත්කිරීම වෙනුවට බලය භාවිතා කළේ අරගල භූමියේ සිටින අය සමඟ බද්ධ වෛරයෙන් ඉන්න පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කාලකන්නි සතුටක් ලබා දීමේ වුවමනාවත් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම අනාගතයේ තමන්ට විරුද්ධව අරගල ඇතිවුවහොත් දෙන විසඳුම මෙය බව අරගලකරුවන්ට පෙන්වීමද ජනාධිපතිවරයාගේ අරමුණක් වූ බව හෙතෙම පැවසීය.

සමිති, බහුජන සංවිධාන, සමාජ ක්‍රියාකාරිකයන් සියලු දෙනාම එකට එකමුතු කරගෙන පුළුල් පෙරමුණක් ලෙස එම මර්දනයට මුහුණදිය යුතු බවද මන්ත්‍රීවරයා කීය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව සමඟ 43 සේනාංකය පැවැත්වූ සාකච්ජාවකදීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *