පොදු දේපලවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව වසන්ත මුදලිගේ ඇතුළු 6කට විදෙස් ගමන් තහනමක්

0
වසන්ත මුදලිගේට වරෙන්තු

වසන්ත මුදලිගේට වරෙන්තු

පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් පොදු දේපලවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා (25) නියෝගයක් නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් විදෙස් ගතවීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට කොටුව පොලීසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව මෙලෙස විදෙස් ගමන් තහනම් වූයේ වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, ජෝෂප් ස්ටාර්ලින්, රංගන ලක්මාල්, එරංග ගුණතිලක සහ ජීවන්ත පීරිස් පියතුමා යන අය ගේය.

මෙම සිද්ධියට අදාළව සමාජ ක්‍රියාකාරී රවිදු සේනාරත්න නොහොත් ‘රැට්ටා’, රත්කරව්වේ ජිනරතන හිමි, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ජොහාන් අප්පුහාමි ඇතුලු නව දෙනකු කොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com