“ගෝඨා ගෝ ගම”ට පහරදීම ගැන පාර්ලිමේන්තු විවාදයක්

"ගෝඨා ගෝ ගම"ට පහරදීම ගැන පාර්ලිමේන්තු විවාදයක්
අරගලකරුවන් කොළඹ ගෝල්ෆේස් “ගෝඨා ගෝ ගම” අරගල භූමියෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්වූ විවාදයක් පාර්ලිමේන්තුවේදී(27) පැවැත්වීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව(25) දිනයේ රැස්කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් පෙරේදා(23) ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තුව(25) දිනයේ රැස් කිරීම සහ මන්ත්‍රීවරුන් කැඳවීම ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ප්‍රායෝගික වශයෙන් දුෂ්කර හෙයින් හදිසි නීති ගැසට් නිවේදනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුව අනිද්දා බදාදා රැස්වන අවස්ථාවේදී එම කාරණයද විවාදයට ගැනීමට රජය අදහස් කර ඇත.
පාර්ලිමේන්තුව අනිද්දා දිනයේ රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙයට පෙර තීරණය කළේ හදිසි නීතිය පිළිබඳ ගැසට් නිවේදනය සම්මත කිරීම සඳහා පමණකි.
අරගලකරුවන් පහරදී පන්නා දැමීම නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් හෙයින් ඒ පිළිබඳව සංවාදයක් ඇති කිරීම ඉතා වැදගත් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.