ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට මහා පරිමාණ චීන ආයෝජන හේතු වුනා – CIA සංවිධානයේ ප්‍රධානී

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට මහා පරිමාණ චීන ආයෝජන හේතු වුනා - CIA සංවිධානයේ ප්‍රධානී
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට මහා පරිමාණ චීන ආයෝජන හේතු වූ බව ඇමෙරිකා එක්සත් ජනපද සී.අයි.ඒ සංවිධානයේ ප්‍රධානී බිල් බර්න්ස් මහතා ප්‍රකාශ කළේය.
චීනය සිදු කළ විශාල ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාව තවත් ණය බරින් පීඩිත වූ බව බිල් බර්න්ස් මහතා පැවැසුවේය. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයට මුල් වූ බව බිල් බර්න්ස් මහතා පෙන්වා දුන්නේය.
චීන ආයෝජන මත යැපීම ශ්‍රී ලංකාව සිදුකළ අනුවණ ක්‍රියාවක් බවත් එය චීන ණය උගුලේ කොටසක් බවත් බර්න්ස් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සිදුකළ මෙම වැරැද්ද අනෙකුත් ජාතීන්ට අනතුරු ඇඟවීමක් විය යුතු බව ඇස්පෙන් ආරක්ෂක සමුළුවේදී අදහස් දක්වමින් බර්න්ස් මහතා පෙන්වා දුන්නේය.