විරෝධතාකරුවන්ට බලධාරින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස පහරදීම තරයේ හෙළා දකිනවා – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

0
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කරුණු 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොරහි සිටි විරෝධතාකරුවන්ට බලධාරින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස(22) අලුයම කළ පහරදීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ගාලු මුවදොරට පිවිසෙන මාර්ග අවහිර කරමින් හමුදා නිලධාරීන් සහ පොලිසිය සිය ගණනක් මහජනතාවට එම ප්‍රදේශයට ඇතුළුවීම වළක්වා ඇති බව පෙනෙන්නට තිබුණි බවද නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ කළ නීතීඥවරුන් කිහිපදෙනකුම බලධාරින් විසින් වළකා ඇති බව කියන නීතිඥ සංගමය තම වෘත්තීය මට්ටමින් මැදිහත් වීමට උත්සාහ කළ නීතීඥවරුන් අවම වශයෙන් දෙදෙනෙකුට හමුදා නිලධාරීන් විසින් පහර දී ඇති බවට දන්වා ඇතැයිද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මඟින් සඳහන් කරයි.

නිරායුධ සිවිල් වැසියන්ට ආරක්ෂක අංශ විසින් පහර දෙන අයුරුද වීඩියෝ දර්ශනවල දැක්වෙන බව අදාළ නිවේදනයේ දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed