ඇමෙරිකාව, නෙදර්ලන්තය, ඊශ්‍රාලය සහ රුසියාව යන රටවල්වලට තැපැල් භාණ්ඩ භාරගැනීම අත්හිටුවයි
ඉන්ධන අර්බුධය හේතුවෙන් ලිපි ප්‍රවාහනය දවසක් හැර දවසක්
ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමාකිරීම සහ අත්හිටුවීම හේතුවෙන් ඇමෙරිකාව, නෙදර්ලන්තය, ඊශ්‍රාලය සහ රුසියාව යන රටවල්වලට තැපැල් භාණ්ඩ භාරගැනීම නවැත දැනුම් දෙනතුරු අත්හිටුවූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අභ්‍යන්තර තැපැල් ප්‍රවාහනය ද ප්‍රමාද වියහැකි බවත් තැපැල්පතිවරයා වැඩි දුරටත් කීය.




