අගමැති රනිල් වික්‍රමසිංහ වහාම ඉල්ලා අස්විය යුතුයි: පක්ෂ නායකයෝ

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

රටේ මතුවී අර්බුදය විසඳා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව පක්ෂ නායකයන් බහුතරයක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කතානායකවරයාට පෙන්වාදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමෙන් පසු කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් විය යුතු බවද පක්ෂ නායකයන් ප්‍රකාශ කර ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී (13) පස්වරුවේ රැස්විය.

මෙහිදී අදහස් දක්වා ඇති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් පසුව පාර්ලිමේන්තුව කැඳවා අභිනව ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙම රැස්වීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයාද සහභාගි වූහ.

අරගලකරුවන් විවිධ ස්ථානවලට ඇතුළුවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ. අරගලකරුවන් පාලනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙහිදී විමසා ඇති අතර ඒ සඳහා කිසි විටෙකත් ජීව උණ්ඩ යොදා නොගන්නා ලෙස මෙහිදී පක්ෂ නායකයන් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි දැනගන්නට ඇත.

මෙම රැස්වීමේදී විශේෂිත තීන්දු කිසිවක් ගෙන නොතිබූ අතර පවතින තත්වය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (14) දිනයේ නැවත රැස්වීමටද එහිදී තීරණය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *