අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්

දිවයින පුරා විශ්වවිද්‍යාල නවක වධය ගැන තොරතුරු දැනුම් දෙන්න දුරකතන අංකයක්
අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකායේ(STF) නිලධාරීන් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
කොළඹ – 07 අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවති විරෝධතා වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ බලවත් කණගාටුව ප්‍රකාශ කෙරේ.
අදාළ පහරදීම සිදු කළ නිලධාරීන්ට එරෙහිව වහාම පරරීක්ෂණයක් පවත්වන ලෙසට හා වගකිව යුතු නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ.