විදේශ ගමන් බලපත්‍ර එක්දින සේවය 04වැනිදා සිට දිස්ත්‍රික් 03ක ආරම්භ කෙරේ

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවය දින 3කට නවතී
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව යටතේ ගමන් බලපත් ලබා දීම ලබන සඳුදා (04) සිට තවත් දිස්ත්‍රික්ක තුනක ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව වවුනියාව, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කාර්යාලවල එක්දින සේවාව ආරම්භ කෙරේ.
දැනට එක්දින සේවාව ක්‍රියාත්මක වන්නේ කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පමණි.
මෙහි පළමු අදියර ලෙස එක් එක් ප්‍රාදේශීය කාර්යාල සදහා එක් දින සේවය වෙනුවෙන් කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගත් අයදුම්කරුවන් 100 දෙනෙකු සදහා පමණක් මෙම සේවාව සපයනු ලැබේ.