සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරාලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ – F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීය. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති එම ඉසව්වේ මීටර් 66.60ක් විසි කරමින් මෙම ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
දෙනියායේ පදිංචි සමිත දුලාන් කොඩිතුවක්කු ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ දී, F64 හෙල්ල විසි කිරීමේ ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.
එමෙන්ම ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේදී පදක්කමක් දිනූ දෙවැනි ශ්‍රී ලාංකිකයාය.