ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන සම්බන්ධයෙන් ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය – ඕමාන තානාපති

ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන සම්බන්ධයෙන් ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය - ඕමාන තානාපති

ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන සම්බන්ධයෙන් ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය - ඕමාන තානාපති

සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඕමාන තානාපතිවරයා (01) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය

ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති අහමඩ් අලි සයීඩ් අල් රෂ්ඩි (Ahmed Ali Saeed Al Rashdi) මහතා මෙහිදී පවසා ඇත.

ශ්‍රී ලාංකිකයන් 25,000ක පමණ පිරිසක් මේ වන විට ඕමානයේ රැකියාවන්හි නිරතව සිටිති. පුහුණු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩිකර ගැනීමටද සහාය වන ලෙස ජනාධිපතිතුමා තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

සයීඩ් අල් රෂ්ඩ් මහතාගේ වසර 08ක සේවා කාලය තුළ ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා මෙරට වෙළෙඳ සහ ආයේජන අවස්ථා සඳහා ඇති පුළුල් අවකාශය පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය. තමා ඕමාන විදේශ අමාත්‍යාංශයේ සේවයට වාර්තා කිරීමට යෝජිත අතර දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීමට එහි සිටද කටයුතු කරන බව රෂ්ඩ් මහතා ජනාධිපතිතුමා සමග සඳහන් කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *