ආණ්ඩුවේ වැරදි දේශපාලන, ආර්ථික හා සමාජ කළමනාකරණය හේතුවෙන් රට අවුරුදු 80කින් ආපස්සට ගොස් – මෛත්‍රී

ආණ්ඩුව අදටත් පාලනය කරනුයේ පොහොට්ටුවේ නායකයන්; බහුතර බලයක් සහිත පිරිස් සර්වපාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි - මෛත්‍රීපාල

ආණ්ඩුව අදටත් පාලනය කරනුයේ පොහොට්ටුවේ නායකයන්; බහුතර බලයක් සහිත පිරිස් සර්වපාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි - මෛත්‍රීපාල

ආණ්ඩුව 21වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා (01) පැවසීය.

එය 19 වැනි සංශෝධනයට වඩා හාත්පසින්ම වෙනස් බව කී හිටපු ජනාධිපතිවරයා එමගින් වත්මන් ජනපතිවරයාට ධූර කාලය අවසන් වන තුරු 20වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බලතල මෙන්ම තවත් බලතල ලබාදී ඇති බවත්, එයට කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවත් කීවේය.

වත්මන් ආණ්ඩුවේ වැරදි දේශපාලන, ආර්ථික හා සමාජ කළමනාකරණය හේතුවෙන් රට අවුරුදු 70කින්, 80කින් ආපස්සට ගොස් නිවෙස්වල දරු ප්‍රසූතිය සිදුකරන්නට වන තත්වයට පත්ව ඇතැයිද හෙතෙම කීය. ආණ්ඩුව නුසුදුස්සන්ට තනතුරුදී කළ වැරදි නිවැරදි කරගන්නට තවමත් සූදානම් නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.

පසුගිය මැතිවරණයන් සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සටන්පාඨය වූ ජාතික ආරක්‍ෂාව ඇතුළු සියලු සටන්පාඨ මේ වන විට අවලංගු වී ඇතැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *