මාස 5ක කාලය තුළ ඩොලර් බිලියන 5ක අපනයන අදායමක්

මෙම වසරේ ජනවාරි සිට මැයි මස දක්වා මාස 5ක කාලය තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5ක අපනයන අදායමක් උපයා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග, ආහාර පාන, මුහුදු ආහාර සහ විසිතුරු මාළු අපනයනය මෙම වසරේ පළමු මාස 5 තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු සහ සාන්ද්‍ර නිෂ්පාදන අපනයනය මෙම වසරේ පළමු මාස 5 තුළ වර්ධනයක් පෙන්නුම් කර නොමැත.

ගිය වසරේ මැයි මාසයේ අපනයන අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 891.7ක් වූ අතර එය මෙම වසරේ මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 980.2ක් දක්වා වර්ධනය වී ඇත.පසුගිය වසරේ පළමු මාස 5ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 5 තුළ වෙළඳ භාණ්ඩ අපනයනය සියයට 9.7කින් වැඩි වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *