‘ඉකොනොමිස්ට්’ සඟරාවේ 2022 වසරේ ජීවත් වීමට සුදුසුම නගරය

‘ඉකොනොමිස්ට්’ සඟරාවේ 2022 වසරේ ජීවත් වීමට සුදුසුම නගරය

‘ඉකොනොමිස්ට්’ සඟරාවේ 2022 වසරේ ජීවත් වීමට සුදුසුම නගරය

ලොව ජීවත් වීමට සුදුසුම නගරය ඕස්ට්‍රියාවේ වියානා නගරය යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ ඇමෙරිකාවේ ‘ඉකොනොමින්ස්ට්’ ආර්ථික විද්‍යා සගරාව මැදිඑත් වී සිදු කළ සමීක්ෂණ වාර්තා අනුවය.

‘ඉකොනොමින්ස්ට්’ සඟරාව සෑම වසරකම, ලොව ජීවත් වීමට සුදුසුම නගරය ප්‍රකාශයට පත් කරයි. ඒ, ජනමත සමීක්ෂණ අනුවය. ඒ අනුව මෙම 2022 වසරේ ජීවත් වීමට සුදුසුම නගරය ලෙස ‘ඉකොනොමිස්ට්’ සඟරාව තෝරා ඇත්තේ වියානා නුවරය.

රුසියන් ආක්‍රමණය හේතුවෙන්, යුක්රේනයේ කීව් අගනුවර මෙම ජනමත සමීක්ෂණයට මෙවර ඇතුළත් නොවිණි. බටහිර රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් එරට මොස්කව් අගනුවර සහ ශාන්ත පීටර්ස්බර්ග් නුවරද ලැයිස්තුවේ පහළ අගයක් ගෙන ඇතැයි පැවැසෙයි. මීට පෙර ලොව ජීවත් වීමට සුදුසුම නගරය ලෙස ‘ඉකොනොමින්ස්ට්’ සඟරාව නම් කර තිබුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ්ය. කෙසේ නමුත් මේ වසරේ වියානා නුවරට ඕක්ලන්ඩ් නුවර අභිබවා යෑමට හැකි විය.

‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් පැනැවූ තහංචි හේතුවෙන් ඕක්ලන්ඩ් නුවර මෙවර 34 වැනි ස්ථානයට පත් වී තිබේ. 2018 සහ 2019 වසරවලදී ද ලොව ජීවත් වීමට සුදුසුම නගරය වූයේ වියානාය. කෙසේ නමුත් 2021 දී එය වෙනස් වූයේ වියානා නගරය 12වැනි ස්ථානයට පත් වෙමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *