2020 – 2021 වර්ෂවල විදුලි සේවකයන්ට දීමනා ලෙස කෝටි 367ක් ගෙවලා

2020 - 2021 වර්ෂවල විදුලි සේවකයන්ට දීමනා ලෙස කෝටි 367ක් ගෙවලා

2020 - 2021 වර්ෂවල විදුලි සේවකයන්ට දීමනා ලෙස කෝටි 367ක් ගෙවලා

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය ජනනය කිරීම් මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිලිබඳ සොයා බැලීමට කෝප් කමිටුව විශේෂයෙන් රැස්වීමට තීරණය කළා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලු බදු මගින් අපේක්ෂා කරන ආදායමට වඩා ලංකා විදුලිබල මණ්ඩලයේ වර්ෂික වියදම වැඩි බවයි කෝප් කමිටුවේදී හෙළි වුණේ.

කෝප් කමිටුව (22) දිනයේද පාර්ලිමේන්තුවේ රැස් වූයේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තා හා වත්මන් කාර්ය සාධනය පිළිබද පරික්ෂා කිරීම සදහායි. මණ්ඩලයට අයත් මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිලිබද සාකච්ඡා කිරීමේදී ඉදිරිපත් වන කරුණු සම්බන්ධයෙන් පරස්පරතාවක් පෙනෙන බව සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා. එබැවින් ජනන සැළැස්ම තුළ සියලු කාරනා සොයා බැලීම සදහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තුව සහ කතානායකවරයා දැනුවත් කරන ලෙස කෝප් කමිටු සාමාජිකයන් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියා. එහිදී සභාපතිවරයා කියා සිටියේ මේ පිළිබද සොයා බැලීමට කෝප් කමිටුවට විශේෂයෙන් රැස්විය හැකි බවයි. සෙසු සාමාජිකයන්ද ඊට එකඟ වුණා. 2008 නොවැම්බර් 14වෙනිදා අමාත්‍ය මණ්ඩල තීරණය සහ 2009 මැයි 26 කළමණාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත කාර්ය මණ්ඩලයට වරින් වර විවිධ දීමනා ගෙවීම පිළිබද මෙහිදී අවධානය යොමු වුණා. ඒ අනුව මෙම දීමනා ලෙස 2021 වසරේදී රුපියල් මිලියන 2134.9ක් සහ 2020 වසරේදී රුපියල් මිලියන 1544.4 ගෙවා ඇති බව මෙහිදී හෙළි වුණා.

මනු කියවිමට අමතරව නිවැරදි මනු කියවීම දීමනාවක්ද ඊට අයත් වූ බව කී කෝප් කමිටු සභාපතිවරයා මෙම සියලු මුදල් ජනතා මුදල් බැවින් වගකීම් සහගත විය යුතු බව අවධාරණය කළා. උපයන විට ගෙවන බදු සේවකයන්ගේ වැටුපෙන් අය නොකර මණ්ඩලය සිය අරමුදලෙන් ගෙවා ඇති බවද මෙහිදී හෙළි වුණා. 2010 සිට 2020 දක්වා එසේ ගෙවා ඇති මුදල රුපියල් බිලියන 4.8ක් වනවා.මෙම බදුගෙවීම නවත්වා ඇති බවපැමිණ සිටි නිලධාරීන් සදහන් කළා. 2021 වසරේදී විදුලිබල මණ්ඩල සේවක වැටුප සියයට 25 කින් වැඩි කර තිබුණා. ඒ කෙටුම්පත් සාමූහික ගිවිසුම් මතයි.

එහෙත් අදාළ පාර්ශ්වයන් සේවා යෝජකයන් සහ සේවක සංගම් මෙම කෙටුම්පතට අත්සන් නොකිරීම නිසා එම ගිවිසුම අත්සන් නොකළ කෙටුම්පත් ගිවිසුමක් බැවින් අදාළ ගෙවීම්ද නීති විරෝධි බවයි හෙළි වුණේ. ඉන් මණ්ඩලයට වූ පාඩුව රුපියල් බිලියන 9.6ක් බවද කෝප් කමිටුවේදී හෙළි වුණා. සීතාවක ජලවිදුලි ව්‍යාපෘතිය විස්සයි විසි දෙක වන විට ක්‍රියාත්මක කළ යුතුව තිබුණද 2020 වසර අවසානයේදී රුපියල් මිලියන 301.19ක් වැය කර තිබියදී එහි කටයුතු නැවැත්වීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණා. ඒ ශක්‍යතා අධ්‍යයනය සුදුසු නොවන බව පවසමින්.

එහෙත් එහි ශක්‍යතා අධ්‍යයනයට රුපියල් මිලියන 301.ඒ වන විටත් වැය කර තිබූ බැවින් එහි සම්පූර්ණ වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙස නිර්දේශ කෙරුණා.2013 වසරේදී මිලදී ගත් ගල් අගුරු තොගයක් වාරකන් බලපෑම් හේතුවෙන් ගොඩබෑමට නොහැකි වීම ගැන මෙන්ම සැළසුම්වලින් පිටින් විවිධ බලාගාර ආදියෙන් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේ අවධානය යොමු වුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *