විදේශ රැකියා ජාවාරම්කරුවන් ගැන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දැනුවත් කිරීමක්

රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා දෙන්න
විදේශ රැකියා සම්බන්ධව මේ දිනවල බෙහෝ පිරිස් උනන්දුවක් දක්වන අතර, ඒ් හේතුවෙන් ඔවුන් ජාවාරම්කරුවන්ට හසුවු අවස්ථා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්ථා වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.
විශේෂයෙන් රුමේනියාව, ඊශ්‍රායලය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල රැකියා අවස්ථා ලැබී ඇති බවට අසත්‍ය තොරතුරු විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් වංචනිකව මුදල් ලබා ගැනිමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හා එම ආයතන වෙත ලැබි ඇති රැකියා සම්බන්ධයෙන් සියලු තොරතුරු කාර්යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගන්නා ලෙස දැනුම් දීමක් කරනු ලැබේ.
එමෙන්ම, මුදල් හෝ ගමන් බලපත්‍ර යම් පාර්ශවයකට ලබාදීමට පෙර එම ආයතනවල නීත්‍යානුකුලභාවය ගැන සැළකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ රැකියාලාභීන්ට දැනුම් දෙයි.
විදේශ රැකියා සම්බන්ධ සියලු තොරතුරු www.slbfe.lk වෙබ් අඩවියෙන් හෝ 1989 අංකයෙන් පැය 24 පුරාවට ලබාගත හැකිවේ.