ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධති ලෝකයේ තිබෙන ඉතාමත් මන්දගාමී මාර්ග පද්ධති වලින් එකක් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධති ලෝකයේ තිබෙන ඉතාමත් මන්දගාමී මාර්ග පද්ධති වලින් එකක් - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධති ලෝකයේ තිබෙන ඉතාමත් මන්දගාමී මාර්ග පද්ධති වලින් එකක් - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

ලෝකයේ තිබෙන ඉතාමත් මන්දගාමී ලෙස වාහන ධාවනය කිරීමට සිදුවන මාර්ග පද්ධති වලින් එකක් ශ්‍රී ලංකාව සතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යනයකින් හෙළිවී ඇත.

ශ්‍රී ලංකාවේ තිබෙන ඉතාමත් මන්දගාමී මාර්ග පද්ධතිය බොලිවියා රාජ්‍යයේ මාර්ග පද්ධතියට සමාන වන අතර නිකරගුවාව සහ බංගලාදේශයට පමණක් ඉහළින් සිටින බව පැවසෙයි.

ශ්‍රී ලංකාවේ සාමන්‍යයෙන් වාහනයක් ධාවනය කළ හැකි සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර 50ක් වන අතර පිළිවෙලින් නිකරගුවාවේ පැයට කිලෝ මීටර 46ක්ද, බංගලාදේශයේ පැයට කිලෝ මීටර 41ක් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යනයට අනූව රටක ඉතාමත් මන්දගාමී ලෙස වාහන ධාවනය කිරීමට සිදුවන මාර්ග පද්ධතියක් තිබීමෙන් පිළිබිඹු වන්නේ එම රට ආර්ථික සංවර්ධනය කිරීමට දරණ උත්සාහයේදී එහි ආර්ථිකයට බාධක වලට මුහුණ දීමට සිදුවී ඇති බව යැයි පැවසේ. ඉන්දියාව,ඇෆ්ගනිස්තානය,මොන්ගෝලියාව සහ ඉන්දුනීසියාව යන රටවල මාර්ග පද්ධතියන් හි වාහන ධාවනය කළ හැකි සාමාන්‍ය වේගය පිළිවෙලින් පැයට කිලෝ මීටර 58ක්,57ක්,56ක් සහ 55ක් බව එම අධ්‍යනයේ දැක්වේ.

හොඳ වේගයකින් ධාවනය කළ හැකි මාර්ග පද්ධතියක් තිබේ නම් දුර පළාත් වල සිටින පාරිභෝගිකයන් වෙත වුවද ඉක්මනින් බඩු බාහිර ආදිය රැගෙන යාමට අවස්ථාව ලැබෙන අතර එමගින් නිෂ්පාදන ඵලදායිතාව වැඩි කර ගැනීමටත් දුගී භාවය අඩු කර ගැනීමටත් හැකියාව ලැබෙන බව පැවැසෙයි. එසේම තිරසර සහ සාර්ව ආර්ථික වර්ධනය සඳහා එය දායකත්වය සපයන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යනය මගින් පෙන්වාදී ඇති ආකාරයට ධනවත් රටවල් වන ඇමෙරිකා එක්සත් ජනපද මාර්ග පද්ධතියේ වාහනයක් ධාවනය කළ හැකි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 107 වන අතර සෞදි අරාබිය, කැනඩාව සහ පෘතුගාලයේ වාහනයක් ධාවනය කළ හැකි සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර 106ක් වේ.

ලෝකයේ රටවල් 162 ක ගූගල් මාර්ග සිතියම් භාවිතා කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මාර්ගවල ගුණාත්මකභාවය මැනීම සඳහා නිර්මාණය කරන කරන ලද මෙවලමක් මගින් මෙම අධ්‍යනය සිදු කර ඇත. මෙමගින් කිලෝ මීටර 80 දුරින් පිහිටි නගර දෙකක් අතර ගමන් කිරීමට ගතවන සාමාන්‍ය කාලය ගණනය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *