ලංගම ඩිපෝ මගින් ප්‍රමාණවත් ලෙස ඩීසල් ලැබෙන්නේ නෑ; පෞද්ගලික බස් රථවලින් 85% ඉන්ධන පෝලිම්වල

ඩීසල් ලබාගෙන ධාවනයෙන් ඉවත්වී ඉන්ධන ජාවාරමේ යෙදෙන බස් රථවල බලපත්‍ර අවලංගු කිරීමට
පෞද්ගලික බස් රථවලින් සියයට අසූ පහක් (85%) පමණ ඉන්ධන පෝලිම්වල ගාල් කර තිබීමෙන් ප්‍රවාහනය බිඳවැටී මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.
ලංගම ඩිපෝ මගින් ප්‍රමාණවත් ලෙස ඩීසල් නොලැබෙන බැවින් ජූනි 17 සිට බස් ධාවනයෙන් ඉවත් වීමට සිදුවන බවත් විජේරත්න මහතා පැවසීය.
ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබාගැනීමට හැකි බව අමාත්‍යංශය පැවසුවත් ඩිපෝවලින් ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබා නොදෙන බවට හෙතෙම චෝදනා කළේය. සති අන්තයේදී රජය බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට ප්‍රමුඛත්වය දුන්නොත් සඳුදා ජූනි 20 සිට බස් රථ සුපුරුදු පරිදි ධාවනය කළ හැකි බව ඔහු කීය.
කෙසේ වෙතත් පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමුඛතාව දී ඉන්ධන සැපයීමට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හා පිටකොටුව බැස්ටියන් මාවතේ ඉන්ධන පිරවුම්හල නම් කරන බව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍යයට අදහස් පළ කර තිබිණි.