නව පූජා භූමි 3ක් ප්‍රකාශයට

0
නව පූජා භූමි 3ක් ප්‍රකාශයට

නව පූජා භූමි 3ක් ප්‍රකාශයට

නව පූජා භූමි 3ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය, කූරගල රජමහා විහාරය එලෙස පූජා භූමි ලෙස නම් කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය මේ බව සඳහන් කළේය.

අදාළ ගැසට් පත්‍රයට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා අත්සන් තබා ඇති අතර ජාතික භෞතික සැලසුම් දෙපාර්තුමේන්තුව මගින් එය ප්‍රකාශයට පත් කර තිබේ.

මේ වන විට මෙරට පුජා භූමි 78 ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 1961 ඔක්තෝබර් 16 දින මෙරට පළමු පූජා භූමිය ලෙස කතරගම ප්‍රකාශයට පත් කර ඇති අතර මීට මාස තුනකට පෙර නාගදීප රජමහා විහාරය 78 වන පූජා භූමිය ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com