එළිමහන් ස්ථානවල මෙන්ම නිවාස හෝ ගොඩනැගිලි අභ්‍යන්තරයේත් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ

PCR හා Antigen පරීක්ෂණ 1000ට රෝගීන් 50ක් වාර්තා වනවා; මුහුණ ආවරණ අනිවාර්ය කිරීමට අවධානය යොමුවිය යුතුයි - GMOA
කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය (10) සිට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව එළිමහන් ස්ථානවල මෙන්ම නිවාස හෝ ගොඩනැගිලි අභ්‍යන්තරයේත් මුහුණු ආවරණ පැළඳීම (10) සිට අනිවාර්යෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් එවන් අවස්ථාවල මුහුණු ආවරණ පැළඳීම සුදුසු බව එහි සඳහන් වේ. පෙර පරිදි දිගින් දිගටම මුහුණු ආවරණ පැළඳීමට යම් කෙනෙක් කැමැත්තක් දක්වන්නේ නම්, මෙම සංශෝධනය ඊට කිසිදු බාධාවක් නොවිය යුතු බවද එම නිවේදනයේ සඳහන්ය.