පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට ලක්‍ෂ 225 ක්; ක්‍රීඩා ඇමතිගේ වැටුප ක්‍රීඩා අරමුදලට

එංගලන්තයේ බර්මින්හැම්හි මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයට වැයකිරීමට අවශ්‍ය රුපියල් ලක්‍ෂ 225ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (02) එකඟ විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරු අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණියහ.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය අමාත්‍ය වැටුප ක්‍රීඩා අරමුදලට බැර කිරීමට තීරණය කර තිබේ.

ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබාගැනීමට ආදර්ශයක් ලෙස සිය වැටුප ක්‍රීඩා අරමුදලට ලබාදීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *