හිටපු ඇමති ජොන්ස්ටන්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් යළි නඩු 05ක්

හිටපු ඇමති ජොන්ස්ටන්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් යළි නඩු 05ක්
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ (30) නැවත නඩු 5ක් ගොනු කළේය.
ඒ, ස.තො.ස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගෙන රජයට රුපියල් කෝටි හතරකට අධික පාඩුවක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙනි. එලෙස නඩු පවරනු ලැබුවේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු හා එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් ශකීර් යන අයටයි.
මෙම චෝදනා මත ඉකුත් යහපාලන රජය සමයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු ගොනු කර තිබුණි. නමුත් අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගේම ලිඛිත අනුමැතිය නොමැති බවට විත්ති පාර්ශ්වය විසින් මතු කළ මූලික විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව, එම කොමිසම විසින් අදාළ නඩු යළි නඩු පැවරීමේ අයිතිය මත ඉල්ලා අස් කරගෙන තිබුණි.
ඒ අනුව, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් එම චෝදනාවලින් නිදහස් කිරීමටද අධිකරණය නියෝග කළේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් (30) මෙම අධි චෝදනා පත්‍ර යළි ගොනු කර තිබෙන්නේ ඉන් අනතුරුවයි.