ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහොත් බහුදින යාත්‍රා හිමියන් ධිවර කටයුතු වලින් ඉවත්වීමට තීරණයක්

ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහොත් බහුදින යාත්‍රා හිමියන් ධිවර කටයුතු වලින් ඉවත්වීමට තීරණයක්

ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහොත් බහුදින යාත්‍රා හිමියන් ධිවර කටයුතු වලින් ඉවත්වීමට තීරණයක්

දිනෙන් දින ඉහල යන ඉන්ධන මිල හමුවේ තම රැකියාව කරගෙන යාමේ අසිරුතාවයක් පවතින බවත් රජය ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහොත් සමස්ථ දිවයිනේම බහුදින යාත්‍රා හිමියන් ධිවර කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය පවසයි.

සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය (25) දින පැවැත්වු මාධ්‍ය හමුවකදි මේ බව පවසන්නට විය.

මෙම මාධ්‍ය හමුවට සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් රුවන් පතිරණ, සභාපති ටිරෝන් පතිරණ, උප ලේකම් සුනිල් ප්‍රනාන්දු යන මහත්වරුන් එක්ව තිබුනී.

මෙම මාධ්‍ය හමුවට එක්වු ඔවුන් පවසා සිටියේ යෝජිත ඉන්ධන සූත්‍රයෙන්ද තමන්ට සාධාරණයක් ඉටු නොවන බව පෙන්වාදෙන එම නියෝජිතයින් රටට ඩොලර් උත්පාදනය කිරීමට ඇති මෙවැනි ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි රජයේ අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් බවයි.

එසේම රටට ඩොලර් අහිමි වනවා සේම ලක්ෂ ගණනකට රැකියා අහිමි වීමේ තර්ජනයක් පවතින බවද ඔවුන් චෝදනා කරති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *