සති හයකින් අන්තර්කාලීන සහන අයවැයක් – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
සති හයක් ඇතුළත තම රජය අන්තර් කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එම අන්තර්කාලීන අයවැය සහන අය වැයක් ලෙස ඉදිරිපත් කරන බව කී රනිල් වික්‍රමසිංහ මහතා එමගින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන්කර ඇති මුදල් වසර දෙකක සහන වැඩසටහනක් සඳහා යොමු කරන බව සඳහන් කළේය.
අසාර්ථක ආර්ථික කළමනාකරණය නිසා ඇතිවූ අර්බුදය විසඳා රට සාමාන්‍ය තත්ත්වයට ගැනීමට ගත යුතු විවිධ පියවර නිසා රටේ උද්ධමනය තවත් වැඩිවිය හැකි බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.
මිලියන 22ක් වන ලාංකික ජනගහනයෙන් වඩාත් අවදානම් කණ්ඩායම් වල මූලික අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට අරමුදල් සැපයීම රජයේ මූලික අරමුණ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.




