අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අ. ඩොලර් මිලියන 2ක් පරිත්‍යාග කිරීමට තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රු. බිලියන 6.3ක ආදායමක් උපයයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රු. බිලියන 6.3ක ආදායමක් උපයයි

අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ආධාර කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 2ක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, රිජ්වේ ආර්යා ළමා රෝහලට ඩොලර් මිලියනයක් සහ ජාතික පිළිකා රෝහලට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. ආධාරවල හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගෙන එම මුදල් වහාම අදාළ ආයතනවල නිලධාරීන් වෙත පරිත්‍යාග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, මැයි (24) රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම පරිත්‍යාගය අනුමත කළ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *