ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 03ක හදිසි මානුෂික ආධාර

ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 03ක ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 03ක හදිසි මානුෂික ආධාරහදිසි මානුෂික ආධාර

ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 03ක හදිසි මානුෂික ආධාර

ශ්‍රී ලංකාවට හදිසි මානුෂික ආධාර සැපයීම සඳහා මූල්‍ය ආධාරයක් සැපයීමට ජපානය තීරණය කර ඇතැයි කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව යුනිසෙෆ් සහ ලෝක ආහාර වැඩසටහන ඔස්සේ අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ලබාගැනීමට ඩොලර් මිලියන 03ක් ලබාදීමට ජපාන රජය තීරණය කර ඇත. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 25ක් ඊළඟ මාස 2තුළදී සපයා ගැනීමට ඉන් ඩොලර් මිලියන 1.5ක් යොදාගැනීමට නියමිතය.

එමගින් ශ්‍රී ලංකාවේ මිලියන 1.2ක පිරිසකට සහන ලැබෙන බව එහි දැක්වේ. ඉතිරි ඩොලර් මිලියන 1.5 යොදාගෙන ලෝක ආහාර වැඩසටහන හරහා අත්‍යවශ්‍ය පිරිස් සඳහා අහාර සැපයනු ඇත.

ශ්‍රී ලංකාව සමඟ වසර 70ක ආසන්න මිත්‍රත්වයක් භුක්ති විඳින ජපානය, ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවයෙන් සිටීමට කැපවී සිටින බව වැඩිදුරටත් සදහන් කර සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *