ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණයි – රෝහිණී කවිරත්න

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණයි - රෝහිණී කවිරත්න

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණයි - රෝහිණී කවිරත්න

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් බවත් පාර්ලිමේන්තුව තුළ එය කිසිදු විටෙක නොපවතින බවත් සමඟි ජනබල වේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී (17) පැවැසූවාය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමෙන් පසුව මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය. කෙසේ නමුත් අජිත් රාජපක්ෂ මහතාට සභාවේ හරි මැද සිට කටයුතු කිරීමට හැකියාව ලැබේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බව ඒ මහත්මිය කීවාය.

තමාව නියෝජ්‍ය කථානායක ධූරය සඳහා සුදුසුයැයි මුලින්ම යෝජනා කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත් තමා පරාජය කිරීමෙන් පෙනී යන්නේ අගමැතිවරයා පළමු යෝජනාවම පාර්ලිමේන්තුවේ පරාජයට පත් වීම හැර අන් කවරක්දැයි මන්ත්‍රීවරිය කියා සිටියාය.

එලෙසම ආණ්ඩුවට ඉදිරියේ දී පරාජයන් වැලකට මුහුණ දීමට සිදුවන බව පැවැසූ මන්ත්‍රීවරිය ආණ්ඩුව තවමත් හසුරුවන්නේ රාජපක්ෂලා බවට මෙමගින් පෙන්නුම් කෙරෙන බව පැවැසූවාය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදු කථානායකවරියක් හෝ නියෝජ්‍ය කථානායකවරියක්, නියෝජ්‍ය කාරක සභාපතිවරියක් තවමත් තේරී පත්වී නැති බව පැවැසූ එම මහත්මිය නමුත් ජනගහනයෙන් සියයට 52ක් හා මෙරට ඡන්දදායකයන්ගෙන් සියයට 56ක් කාන්තාවක් වීම කනගාටුවට කරුණක් බව කීවාය.

මට අභියෝගයක් භාර දුන්නාම එය බාරගන්නවා. අභියෝගයක් බාරගත් පසු එයින් පැන යන්නට මේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මගේ අත්තා මුතුබණ්ඩා, මගේ පියා විජේරත්න බණ්ඩා, මගේ මාමා පි.බී. කවිරත්න, මගේ ස්වාමියා සංජීව කවිරත්න වත් අභියෝග හමුවේ පැනලා ගියේ නැහැ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *