රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩල කැඳවීම සීමා කරන්න – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්

රාජ්‍ය සේවකයින් සඳහා දායකත්ව විශ්‍රාම අරමුදලක්
රට තුළ පවතින ඉන්ධන ඇතුළු සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩල කැඳවීම සීමා කරන්නැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී ඇත.
කාර්යාල කටයුතුවලට බාධා නොවන පරිදි අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩල පමණක් සේවයට කැඳවීමට කටයුතු කරන්නැයිද එහිදී ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව කටයුතු කිරීමට අවකාශ සලසන්නැයි ද ඔහු අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.
එමෙන් ම, දුර බැහැර සිට සේවයට වාර්තා කරන නිලධාරීන් පදිංචි ස්ථාන අසල සේවා ස්ථානයකට තාවකාලිකව අනුයුක්ත කිරීමට අවශ්‍ය බලතල ආයතන ප්‍රධානීන්ට ලබා දෙන ලෙසද දන්වා ඇත.
විදුලිය, ඉන්ධන, ජලය ආදිය භාවිතය සීමා කිරීම මෙහි අරමුණය.