හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල්ගේ ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවීමේ ගැසට්ටුවට අතුරු නියෝගයක්

ලංකා රග්බි ආයතනයේ සභාපති, ධූරයෙන් ඉවත් කිරීමට ක්‍රීඩා ඇමති ගත් තීරණයට එරෙහිව පෙත්සමක්

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල්ගේ ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවීමේ ගැසට්ටුවට අතුරු නියෝගයක්

ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වලකාලමින් අභියාචනාධිකරණය (13) අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම අතුරු නියෝගය මේ මස 30 වැනිදා තෙක් බලපැවැත්වේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති එම්. එම්. රිස්ලි ඉල්ලියාස් මහතා විසින් ගොනු කරනු ලැබ තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. සෝභිත කරුණාරත්න සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ (13) මෙම නඩුව කැඳවිණි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර නම් කර ඇත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකි.

බස්නාහිර පළාත් රග්බි සංගමය 2019 වසරේ වාර්ෂික සාමාජික මුදල් නොගෙවීම හේතුවෙන් එම සංගමයේ සාමාජිකත්වය අත්හිටුවීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කළ තිබූ බවත්, ඒ සමඟම බස්නාහිර පළාත් රග්බි සංගමය අදාළ හිඟ වාර්ෂික මුදල් ගෙවා රිසිට් පත්‍රයක් ද ඉදිරිපත් කර තිබූ බවත් පෙත්සමෙන් සඳහන් කර ඇත.

එහෙත් කිසිදු නීතිමය උපදෙසක් නොතකා, නීතියට පටහැනිව වාර්ෂික මුදල් මුදල්ගෙවා තිබියදීත් පෙත්සම්කාර සංගමය සිය සාමාජිකත්වය අත්හිටුවා ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමෙන් සඳහන් කර තිබේ. මෙය නීතියට මෙන්ම ස්වභාව යුක්ති මූලධර්මයට පටහැනි බව සඳහන් කර ඇති පෙත්සම්කරු මෙහි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර අදාළ ගැසට් නිවේදනය බලරහිත කර අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා ඇත. පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *