ලොව වටිනාම සමාගම බවට සෞදියේ ඇරැම්කෝ පත් වෙයි

ලොව වටිනාම සමාගම සෞදියේ ඇරැම්කෝ පත් වෙයි

ලොව වටිනාම සමාගම සෞදියේ ඇරැම්කෝ පත් වෙයි

ලෝකයේ විශාලතම බොරතෙල් අපනයනකරුවා වන සෞදි අරාබියේ ඇරැම්කෝ සමාගම (12) දිනයේදී ලොව වටිනාම සමාගම බවට පත් වූ බව වාර්තර්තා වෙයි. මෙතෙක් එම ස්ථානයේ පසුවුණු එක්සත් ජනපදයේ ඇපල් ඉන්කෝපරේෂන් සමාගම පසු කරමින් ඇරැම්කෝ සමාගම මෙම තත්වයට පත්ව තිබේ.

මෙහිදී මූලිකවම ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාමත් සමග එම සමාගමේ කොටස් වටිනාකම් ඉහළයාම සහ ඒ හේතුවෙන් එහි වෙළඳ පොළ වටිනාකම ඉහළ යාම සිදුව තිබේ. ඒ අනුව (12) දිනය වනවිට සෞදියේ ඇරැම්කෝ සමාගමේ වෙළද පොළ ප්‍රාග්ධනීකරණය එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2.426ක් ලෙස සටහන් වීය.

ඇපල් සමාගමේ වෙළදපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් ට්‍රිලියන 2.415ක් විය. මෙය වසර 2020 න් පසුව සොදියේ ඇරැම්කෝ සමාගම ලොව වටිනාම සමාගම බවට පත් වූ ප්‍රථම අවස්ථාවද වෙයි. වසංගතය අවස්ථාවේදී බොරතෙල් මිල පහළ යැම ඊට හේත්තු විය.

කෙසේ වෙතත් වසංගතයත් සමග තාක්ෂණික සමාගම්වල කොටස් වටිනාකම් ඉහළයාම හේතුවෙන් මේ වසරේ ජනවාරී මාසයේදී ඇපල් සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් ට්‍රිලියන 3ක් වූ අතර, එම තත්වයට පත්වූ ලොව ප්‍රථම සමාගම බවටත් ඇපල් සමාගම ඉතිහාසයට එක් විය. එහෙත් එක්සත් ජනපද ෆෙඩරල් මුදල් ප්‍රතිපත්ති වෙනස්වීම සහ උද්ධමනය ඉහළයාම කාරණා නිසා ඇපල් කොටස් වටිනාකම් පහත වැටීම සිදුවිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *