පාප් වහන්සේගෙන් බලධාරීන්ට ඉල්ලීමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට පාප් වහන්සේගෙන් යූරෝ ලක්ෂයක්
රට තුළ සාමය ඇති කරන ලෙසත්, ජනතාවගේ අභිලාශයන්ට සවන් දෙන ලෙසත් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර තිබේ.
වතිකානයේ බදාදා දේවමෙහෙය අවසානයේදී ප්‍රකාශයක් කරමින් උන් වහන්සේ මේ ඉල්ලීම කර තිබේ. මෑතකාලීනව රටේ සමාජ හා ආර්ථික තත්ත්වය හමුවේ හඬා වැලපුණු ශ්‍රී ලංකාවේ ජනතාවට, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට විශේෂ චින්තනයක් ඉදිරිපත් කරන ජනතාවගේ අභිලාෂයන්ට සවන් දෙන ලෙසද පාප් වහන්සේ ඉල්ලා ඇත.